වෙඩි පහරින් මියගිය මධුෂ්ගේ සිරුර බිරිඳ හඳුනාගනියි (PHOTOS)

අද අලුයම මාළිගාවත්තේදී වෙඩි වැදී මිය ගිය සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන මාකඳුරේ මදූෂ්ගේ මෘත ශරීරය පිළිබඳව මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන බවත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ඥාතීන්ට භාර දෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ මාකඳුරේ මඳුෂ්ගේ සිරුර බිරිඳ විසින් හඳුනාගත් බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.
තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මාලිගාවත් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ් අද (20) අලුයම සිදු වූ වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් අපරාධ කල්ලි සමාජිකයින් පිරිසක් සහ පොලීසිය අතර මාලිගාවත්ත නිවාස සංකිර්ණය අසල සිදුවු වෙඩි හුවමාරුවකදි ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලීසිය සඳහන් කළේ.
Photos - Live@8
786 Views
Comments