මක්කම වන්දනාව තහනම් කෙරේ

වන්දනාකරුවන්හට මක්කම පුදබිමට සහ මෙඩීනා නගරයට ඇතුලුවීම සෞදි අරාබිය විසින් තාවකාලිකව තහනම් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එරට විදේශ සබඳතා අමාත්‍යංශය පැවසුවේ කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණීන් මෙම පියවර ගත් බවයි.
වෛරසය ව්‍යාප්ත වී ඇති අනෙකුත් රටවලට සහයෝගය පළ කිරීමක් ලෙස මෙලෙස සිය රට ද අනුමත ජාත්‍යන්තර ප්‍රමිති ක්‍රියාත්මක කරන බවයි සෞදි රජය පැවසුවේ.
එසේම නව කොරෝනා වෛරසය ව්‍යාප්තවී ඇති රටවල් වල සිට සංචාරක වීසා පදනම යටතේ සෞදි පැමිණීම ද තාවකාලිකව අත්හිටුවීමට සෞදි රජය තීරණය කර තිබෙනවා.
නව කොරෝනා වෛරසය ව්‍යාප්තව ඇති රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස ද සෞදි රජය එරට වැසියන්ට දැනුම් දී ඇත්තේ.
1121 Views
Comments