පාසල් අධ්‍යයන කටයුතු අද සිට යළි ඇරඹේ

පුර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රවේද යටතේ බස්නාහිර පළාත සහ හුදකලා කරන ලද පොලිස් බලප්‍රදේශවල පිහිටි පාසල් හැර අනෙක් ප්‍රදේශවල පිහිටි සියලු රජයේ පාසල් 6 සිට 13 වන ශ්‍රේණී දක්වා අද (23) දිනයේ සිට විවෘත කෙරේ.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ මාර්ගෝපදේශවලට අනුව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කරන ලෙස සියලු පළාත්, කලාප, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බවය.
ඒ අනුව අද දිනයේ සිට පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක් විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.
ප්‍රාථමික ශ්‍රේණි දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ කිරීම සම්බන්ධව ද ඉදිරියේදී තීරණයක් ගන්නා බව සඳහන් කළ අධ්‍යාපන ලේකම්වරයා, එක් එක් පාසල් වෙත ශිෂ්‍ය සංඛ්‍යාව පාදක කරගනිමින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා ප්‍රතිපාදන ලබාදීමට ද පියවර ගෙන ඇති බව පැවසීය.
දරුවන් වෙනුවෙන් ගනු ලැබූ මෙම තීරණය වඩාත් යහපත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් පුරවැසි වගකීමක් ලෙස සලකා සියලු පාර්ශව සහය පළ කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.
776 Views
Comments