හොඳහැටි සූර්වී පාර පුරා රිය පැදවූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
27

හොඳහැටි සූර්වී පාර පුරා රිය පැදවූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

හොඳහැටි සූර්වී පාර පුරා රිය පැදවූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

පොලිස් කැබ්‍ රථයකින් ත්‍රිරෝද රථයක් අනතුරට පත්කර පළායමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ වරකාපොළ, තෝලංගමුව ප්‍රදේශයේදීය.

 

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු බීමතින් සිට ඇති බවද අනාවරණය වී තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල පොලිස් මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

 

ඔහු රාජකාරී කටයුත්තක් සඳහා කෑගල්ල පොලීසියේ සිට අඹේපුස්ස දක්වා ගොස් තිබුණේ, කෑගල්ල පොලීසියට අයත් කැබ් රථයකින්ය.

 

එලෙස යමින් සිටි පොලිස් පරීක්ෂකවරයා කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව කොබ්බෑවල ප්‍රදේශයේදී කැබ් රථයට ප්‍රතිවිරුද්ද දෙසින් ආ ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

 

පසුව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා වරකාපොළ පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත වරකාපොළ මූලික රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු බීමතින් සිටින බවට තහවුරු වී ඇත.

 

සැකකාර පොලිස් පරීක්ෂකවරයා වරකාපොළ පොලීසිය විසින් කෑගල්ල පොලීසිය වෙත භාරදී තිබේ.

views

120 Views

Comments

arrow-up