බූරු ගැසූ කාන්තාව ඇතුළු 8 දෙනාම නිරෝධායනයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
19

බූරු ගැසූ කාන්තාව ඇතුළු 8 දෙනාම නිරෝධායනයට

බූරු ගැසූ කාන්තාව ඇතුළු 8 දෙනාම නිරෝධායනයට

මොණරාගල හුලන්දාව ප්‍රදේශයේ නිවසක මුදලට බූරුවා ගසමින් සිටි කාන්තාවක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු මොණරාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

කාන්තාවක් විසින් මෙම බූරුපොළ කලක සිට පවත්වාගෙන ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සෞඛ්‍ය නිලධාරීන් ගේ උපදෙස් මත දියතලාව පිහිටි නිරෝධාන මධ්‍යස්ථානයකට යොමු කර තිබෙනවා.

 

සංචරණ නීති උල්ලංඝනය කරමින් සහ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මුදලට බූරුවා ගැසීමේ චෝදනා මත අදාළ පිරිසට නඩු පැවරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

වැටලීම සඳහා මොණරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඉන්දික ගමගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එක්වී සිටියා.

views

1022 Views

Comments

arrow-up