අය-වැය වැඩි ඡන්ද 114කින් සම්මත වෙයි

අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (21දා) සවස පැවැති අවස්ථාවේ සංශෝධනය සහිතව වැඩි ඡන්ද 114කින් සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 159ක්ද, අයවැයට විපක්ෂව ඡන්ද 45ක්ද ලැබුණු අතර ඡන්දය දීමෙන් කිසිදු මන්ත්‍රිවරයකු වැළකි සිටියේ නැත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21දා) අයවැ්‍ය පිළිතුරු කතාව පාර්ලිමේන්තුවේදී සිදු කළේය.
ඊයේ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය ද පැවැත්විණි.
මේ වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළේය.
දින 7ක කාලයක් එම විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය පැවැති අතර, දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ඉකුත් 25 වැනිදා පැවැත්විණි.
එහිදී අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ අතර, අයවැයට පක්ෂව ඡන්ද 155ක්ද, විපක්ෂව ඡන්ද 46ක්ද ලැබී තිබිණි.
72 Views
Comments