ගුවන් හමුදාවෙන් අංගම්පොර සටන් කළාවට අතහිත

පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ලොව පැරණිතම සටන් කළාවක් වන අංගම්පොර සටන් කළාව නගා සිටුවීම සඳහා සන්නද්ධ හමුදාවක් වශයෙන් ප්‍රථම වතාවට ගුවන් හමුදාවේ සක්‍රිය දායකත්වය දක්වා ඇති බව ගුවන් හමුදාව පවසයි.
හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා උපදෙස් මත මෙම සටන් කටයුතු සිදු වන බවද ගුවන් හමුදාව පවසයි.
මෙම සටන් කළාව 1505-1948 වසරවල මේ රට පාලනය කළ ඉංග්‍රිිසින්ට හා ලන්දේසීන්ට අභියෝගයක් පැවතීම හේතුවෙන් 1818 වසරේ ඔක්තෝබර් මස 06 දින ඉංග්‍රිසින් විසින් මෙම කළාව සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති අතර, අංගම් කළාව එසේ තහනමට ලක් වී අද (06) දිනට වසර 204 සපිරේ.
ජාතික වටිනාකමක් ඇති මෙම පාරම්පරික සටන් කළාව නැවත නගා සිටුවීම සදහා සීතාවක රාජ්‍ය සමයේ සටන් පෙළපත වු කොරතොට ආරච්චිවරුන්ගේ පරපුරෙන් පැවත එන අජන්ත මහන්තආරචිචි මහතා සමග ශ්‍රි ලංකා ගුවන් හමුදාව 2012 වසරේ දී ගුවන් හමුදාව සන්නද්ධ හමුදාවක් තුළ ප්‍රථමවරට අංගම්පොර සංචිතයක් ස්ථාපනය කර ඇත.
185 Views
Comments