JAN
07
UPDATE: සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (7) නියම කළා.
කොළඹ මහාධිකරණයට ඇප අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කිරිමෙන් පසුව මෙලෙස ඇප මත මුදාහැරිණා.
මහජන මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට අද (7) උදෑසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර තුනක සිරදඬුවමක් නියම කෙරුණා.
රුපියල් ලක්ෂ 300,000 ක ශරීර ඇපයක් මත සරණ ගුණවර්ධන මහතාට මහාධිකරණය ඇප ලබාදී තිබෙනවා.
767 Views
Comments