මාස හයක බිලිඳියකට කොවිඩ්

රට පුරා පැතිරී ගිය කොවිඩ් 19 රැල්ලෙන් හමුවූ ළාබාලම බිලිඳිය ඊයේ (24) රාගම රෝහලෙන් වාර්තා වුනා
උණ රෝගයෙන් පෙළුණ මාස හයක් වයසැති බිලිඳු දැරියට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇත.
ඊයේ එම වාර්තාවේ ප්‍රතිඵල රෝහලට ලැබීමෙන් පසු දැරිය කොවිඩ් 19 වසංගතයට ගොදුරුව ඇති බව අනාවරණය වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත වැඩිදුර ප්‍රතිකාර සඳහා දැරිය මුල්ලේරියාව උණ රෝහලට යවා ඇත.
මෙම කුඩා බිලිඳියගේ සීයා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කොවිඩ් -19 පොකුරට අයත් ආසාදිතයකු බව අනාවරණය වී ඇතැයි රාගම රෝහලේ ප්‍රජා සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දී ඇත.
717 Views
Comments