ශිෂ්‍යත්වය ලියා ඉහළින් සමත් වූ සිසුවා විභාගය ලියා ප්‍රතිඵල එනවිට මෙළොවින් සමු අරන්

මීට මාස එකහමාරකට පෙර අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදුන් දරුවෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව තිබේ.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට බලංගොඩ, වලේබොඩ, වතුකාරකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි සුපුන් සඳරැන් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 159ක් හිමිකර ගෙන ඇත.
ඔහුගේ මව හැඬු කඳුළින් ඒ ගැන පවසන්නීය.
බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් තෝරවෙලකන්ද විදුහලේ 2024 ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ ළමුන් 12 දෙනා අතරින් සමත් වී ඇති එකම සිසුවා වූ සුපුන් සඳරුවන් නැමති දරුවාගේ ප්‍රතිඵලය ලැබෙන විට ඊට මාස කිහිපයකට පෙර රෝගී තත්ත්වයක් නිසා ඔහු මෙලොව හැර යාම කාගේත් දැඩි කණගාටුවට කරුණකි.
223 Views
Comments