මහාචාර්ය රංජිත් බණ්ඩාරට කෝප් ලොකු පුටුව
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

මහාචාර්ය රංජිත් බණ්ඩාරට කෝප් ලොකු පුටුව

මහාචාර්ය රංජිත් බණ්ඩාරට කෝප් ලොකු පුටුව

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

 

මෙම තනතුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර ද සමගි ජන බලවේගය පක්ෂයෙන් එරාන් වික්‍රමරත්න ද ඉදිරිපත් විය.

 

ඡන්ද විමසීමේදී රංජිත් බණ්ඩාර මහතාට ඡන්ද දාහතරක් ලැබුණු අතර එරාන් වික්‍රමරත්නට ලැබුණේ ඡන්ද හතක් පමණි.

views

200 Views

Comments

arrow-up