තාත්තා පස්සේ ගිය අවුරුදු තුනේ පුංචි පුතා වළේ වැටී නොඑන ගමන් යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
17

තාත්තා පස්සේ ගිය අවුරුදු තුනේ පුංචි පුතා වළේ වැටී නොඑන ගමන් යයි

තාත්තා පස්සේ ගිය අවුරුදු තුනේ පුංචි පුතා වළේ වැටී නොඑන ගමන් යයි

තණකොල කැවීම පිණිස ගවයින් දක්කාගෙන ගිය පියා පසුපසින් ගිය වයස අවුරුදු තුනක දරුවෙකු වතුර වළකට වැටී ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය පවසයි.

 

කහටගස්දිගිලිය, කයිපිටියාව, ඉහලගම ප්‍රදේශයේදී සිදුව ඇති මෙම සිදුවීමෙන් මියගොස් තිබෙන්නේ මොහොමඩ් අස්කාර් කවිදි නැමැති තෙහැවිරිදි දරුවෙකි.

 

මියගිය දරුවාගේ පියා නිවසේ ඇති කරන ගව රංචුව නිවස පිටුපස කැලෑවට තණ කැවීම දක්කාගෙන ගොස් ඇති අතර දරුවාට පියා පසුපසින් ගොස් ඇත.  

 

දරුවා තමා පිටුපසින් පැමිණෙන බව පියා දැක නොමැති බව පොලිසිය අනාවරණය කරගෙන ඇති අතර එලෙස ගිය දරුවා වතුර පිරි තිබූ වළකට වැටී මියගොස් ඇත.

views

888 Views

Comments

arrow-up