ජනපති රනිල් ජපාන විදේශ අමාත්‍ය හමුවේ

පසුගිය දිනක ජපානයට ගිය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.
ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ආර්ථිකය සහ සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි. ද්විපාර්ශ්වික සබඳතාවල විෂය පථය තවදුරටත් පුළුල් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍ය හයාෂිට ආරාධනාවක් කළේය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා සමඟ තානාපති රොඩ්නි පෙරේරා මහතා, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජපාන පාර්ශ්වයෙන් ජාත්‍යන්තර සහයෝගිතා අධ්‍යක්ෂ ජනරාල් එන්ඩෝ කසුයා මහතා සහ අග්නිදිග ආසියාවේ සහ නිරිතදිග ආසියාවේ අධ්‍යක්ෂ ජනරාල් අරිමා යුටකා මහතා මෙම රැස්වීමට සහභාගි වූහ.
296 Views
Comments