"දකුණු ආසියාව ඉන්දු පැසිෆික් කලාපයේ ස්ථානගත කිරීම" පිළිබඳ ජපාන-ශ්‍රී ලංකා ඒකාබද්ධ සංවාදය

සැප්තැම්බර් 8 වන දින, ජපාන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සමාජ මාධ්‍ය වේදිකාවක් වන Awarelogue Initiative එක්ව, ඉන්දු පැසිෆික් කලාපයේ දකුණු ආසියාව ස්ථානගත කිරීම පිළිබඳ සංවාදයක් ජපාන තානාපති නිල නිවසේ දී පවත්වන ලදී. ආසියා පැසිෆික් කලාපයේ ජාත්‍යන්තර සබඳතා සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රමුඛ පෙළේ විද්වතෙක් වන ජපාන විශේෂඥ මහාචාර්ය ජින්බෝ කෙන් මහතාගේ සංචාරය නිමිත්තෙන් මෙය පැවැත්විණි.
මහාචාර්ය ජිම්බෝ ඉන්දු පැසිෆික් කලාපයේ වැදගත්කම මෙන්ම කලාපයේ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික තත්ත්වය පැහැදිලි කළේ, නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වන ජපානයේ නව සැලැස්මට ඇති විය හැකි සහයෝගීතාවය ගැන සඳහන් කරමිනි. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති මහාචාර්ය ජිම්බෝ සහ ශ්‍රී ලාංකික විද්වතුන් දකුණු ආසියාව ඉන්දු-පැසිෆික් කලාපයේ වැදගත් උපායමාර්ගික ස්ථානයක් ලෙස ස්ථානගත කිරීම සඳහා විභව සහයෝගීතාව ගවේෂණය කළහ.
512 Views
Comments