තෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජපන් මාධ්‍ය සඳහා සංචාරක ප්‍රවර්ධන උත්සවයක් පවත්වයි

තෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හා එක්ව ජපානයේ මාධ්‍යවේදීන් සඳහා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් තානාපති නිල නිවසේ දී සංවිධානය කරන ලදී. ජපන් සංචාරකයින්, සංචාරක නියෝජිතයින් සහ සංචාරක ක්‍රියාකරුවන් ශ්‍රී ලංකාවේ සුවිශේෂී ලක්ෂණ පිළිබඳව දැනුවත් කිරීම සහ ඔවුන්ගේ මීළඟ විදේශ සංචාර ගමනාන්තය ලෙස තෝරා ගැනීම පිළිබදව ඔවුන් දිරිමත් කිරීම සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය බලපෑම්කරුවන්ගේ සහය ලබා ගැනීම මෙම උත්සවයේ අරමුණු විය. ප්‍රධාන ධාරාවේ මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය බලපෑම් කන්ඩායම් ඇතුළු අමුත්තන් 40 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර ජපන් සංචාරකයින් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාව විවෘත බවත් ඒ සඳහා සුදානම් බවටත් ධනාත්මක පණිවිඩය ලබාදෙමින් උත්සවය ඉතා සාර්ථකව පවත්වන ලදි.
ජනප්‍රිය ජපන් කලාකරුවෙකු විසින් ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව උත්සවය ආරම්භ වූ අතර, රිද්මයානුකූල රැඟුම් සහ වර්ණවත් ඇඳුම් ආයිත්තම් ප්‍රදර්ශනය කරමින් සම්ප්‍රදායික ශ්‍රී ලාංකේය නර්තනයෙන් අනතුරුව උත්සවය ආරම්භ විය. ඉන් අනතුරුව අමුත්තන්ට විචිත්‍ර භූගෝලීය දර්ශන, යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන සහ ශ්‍රී ලංකාව විසින් පිරිනමනු ලබන අද්විතීය සංස්කෘතික ගවේෂණ ඇතුළත් ආකර්ෂණීය සංචාරක ප්‍රවර්ධන වීඩියෝ කිහිපයක් ඉදිරිපත් කරන ලදී.
තවද, ජපන් සංචාරක නියෝජිතයින් විසින්ශ්‍රී ලංකාවේ ආකර්ශනීය ස්ථාන සහ ක්‍රියාකාරකම් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙමින් ජපානයෙන් පිටතට යන සංචාරකයින් සදහා ආකර්ශනීය පවර්පොයින්ට් ඉදිරිපත් කිරීම් කිහිපයක් ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හි ජපාන කාර්යාලය ටෝකියෝ සහ කොළඹ අතර සතිපතා සිව්වන සෘජු ගුවන් ගමන් වාරයක් ආරම්භ වන බව දැනුම් දුන් අතර ජපන් සංචාරකයන් සඳහා විශේෂයෙන් සංචාරක පැකේජ හඳුන්වා දෙමින් එහි සේවාවන්, පහසුකම් සහ අනෙකුත් විශේෂාංග ප්‍රවර්ධනය කිරීම ළඟදීම ආරම්භ කිරීමට නියමිතය බව දැනුම්දෙන ලදි.
තානාපති ඊ. රොඩ්නි එම්. පෙරේරා මහතා සිය දේශනය අතරතුර සහභාගී වූවන්ට සිය කෘතඥතාව පළ කළ අතර, ශ්‍රී ලංකාවේ අසමසම සුන්දරත්වය, උණුසුම් ආගන්තුක සත්කාරය සහ ආකර්ශනීය සංස්කෘතික උරුමය පිළිබද අත්දැකීමක් ලබා ගැනීමට සංචාරකයන් දිරිගන්වමින් ශ්‍රී ලංකාවේ විශේෂත්වය පිළිබඳ පණිවිඩය ජපන් ජාතිකයන් වෙත ගෙන යන ලෙස සියලු මාධ්‍යවේදීන්ට ආරාධනා කළේය. ඉන් අනතුරුව කෙටි ප්‍රශ්න හා පිළිතුරු සැසියක් ද පවත්වන ලදී.
ආරම්භයේදීම, පිපාසය සංසිඳුවා ගැනීම සඳහා සහභාගිවූවන් හට තැඹිලි පැන් සංග්‍රහයක් භුක්ති විඳීමට අවස්ථාව ලැබුණ අතර සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම් රැසකින් පසුව සුවඳවත් ශ්‍රී ලාකීය කුළුබඩු එක් කරමින් පිළියෙල කරන ලද ශ්‍රී ලාංකීය ව්‍යංජන, සහ ප්‍රණීත අතුරුපස ඇතුළු ආහාර වර්ග රාශියක් අමුත්තන්ට සංග්‍රහ කරන ලදී. මීට අමතරව, විශේෂයෙන් සකස් කරන ලද ශ්‍රී ලාංකික පානයක් පිරිනමන ලද අතර ඒ සඳහා විදේශීය අමුද්‍රව්‍යවලින් ආනුභාව ලත් අද්විතීය රසයන් රැසක් එක් කර තිබිණි.
338 Views
Comments