ජපාන විදේශ ඇමති සහ අගමැති දිනේෂ් අතර හමුවක්

ජපාන රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබාදෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ස්තූතිය පළ කළ අතර, ඊයේ (29) දින අත්සන් කෙරුණ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය(JDS) පිළිබඳ අවබෝධතා ගිවිසුම, ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ තවත් සන්ධිස්ථානයක් බවද පැවසීය.
මෙම අවබෝධතා ගිවිසුමට ජපාන තානාපති Mizukoshi Hideaki සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මෙරට සංචාරයක නිරත ජපන් විදේශ අමාත්‍ය Yoshimasa Hayashi මහතා ඉදිරියේ 2023.07.29 දින අරලියගහ මන්දිරයේදී අත්සන් තැබිණි.
ජපාන රජය විසින් සම සභාපතිත්වය දරන සහ ඉන්දියාව, ප්‍රංශය සහ අනෙකුත් පරිත්‍යාගශීලී රටවල සහාය ඇතිව ක්‍රියාත්මක කෙරෙණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා ජපාන විදේශ අමාත්‍යවරයා සමඟ මෙහිදී සාකච්ඡා කළේය.
යෝජිත සැහැල්ලු දුම්රිය ප්‍රවාහන(LRT) ව්‍යාපෘතිය අත්හිටුවීමේදී පසුගිය වකවානුවේ වැරැද්දක් කළ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන ලෙස ජපානයෙන් ඉල්ලා සිටි අතර එය පෞද්ගලික සහ රාජ්‍ය හවුල්(Private-Public-Partnership-PPP) ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සලකා බැලීමට විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි එකඟ විය.
දෙරට විසින් අත්සන් කරන ලද මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය(JDS) පිළිබඳ අවබෝධතා ගිවිසුම යටතේ, ජපානය ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයින්ට සහ විද්වතුන්ට එරට උසස් අධ්‍යාපනය සඳහා අමතර ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත. මෙම වැඩසටහන 2025 දක්වා ක්‍රියාත්මක වන අතර මේ වසරේ මෙම ශිෂ්‍යත්ව සඳහා රුපියල් මිලියන 611 ක මුදලක් ජපානය විසින් වෙන් කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය Yoshimasa Hayashi මහතාට අමතරව, ජාත්‍යන්තර සහයෝගීතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් Kazuya Endo, අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් Yutaka Arima, නිරිතදිග ආසියානු කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ Taro Tstutsami, ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක Manabu Murakami, යන මහත්තුරු මෙන්ම විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
417 Views
Comments