ජපානයේ IRO සංවිධානයට ඇමති මනුෂගෙන් ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

ජපානයේ IRO සංවිධානයට ඇමති මනුෂගෙන් ඉල්ලීමක්

ජපානයේ IRO සංවිධානයට ඇමති මනුෂගෙන් ඉල්ලීමක්

වැඩි වශයෙන් ශ්‍රි ලාංකික තරුණ තරුණියන් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස බඳවාගැනීමට කටයුතු කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය  මනුෂ නානායක්කාර මහතා, ජපානයේ IRO ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි (Suga Katsukai) මහතාගෙන් ඉල්ලා සිටියේය. 

 

ජපානයේ තාක්ෂණික පුහුණුලාභීන් බඳවාගන්නා ආයතනයක් වන IRO ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි (Suga Katsukai) මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් ඊයේ දින (21) විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී අමාත්‍යතුමා විසින් මෙම ඉල්ලීම සිදුකරන ලදී.

 

ඒ සඳහා නියෝජිත පිරිස යහපත් ප්‍රතිචාර දැක්වු අතර, ශ්‍රි ලාංකිකයින්ගේ තාක්ෂණික හැකියාව හා වැඩිහිටි සත්කාර සේවා ජපන් ජාතිකයින් ඉතා ඉහලින් අගය කරන බවද ප්‍රකාශ කළේය. 

 

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස ජපානයේ රැකියාවට යොමුකිරීම සඳහා 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ජපානයේ IRO ආයතනය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. 

 

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) සෙනරත් යාපා මහතා හා IRO වැඩසටහන යටතේ ජපානය බලා යාමට සූදානම්ව සිටින රැකියාලාභීන් පිරිසක්ද එක්ව සිටියහ.

 

views

387 Views

Comments

arrow-up