JUL
15
ජපානයේ සාම්ප්‍රදායික උත්සවයක් අතරතුර පුද්ගලයෙකු ජීවිතක්ෂයට

නිරිතදිග ජපානයේ පැවති සාම්ප්‍රදායික වාර්ෂික උත්සවයකදී 57 හැවිරිදි ප්‍රදේශවාසියෙකු මියගොස් තිබේ.
Akiyoshi Toshimi නම් ඔහු අද (15) අලුයම Fukuoka නගරයේ Hakata Gion Yamakasa උත්සවයට සහභාගී වෙමින් සිටි බව පොලිසිය පවසයි.
ඔහු සෙනග අතර වැටී පෑගීමෙන් හුස්ම සිරවී රෝහලකට රැගෙන ගිය අතර එහිදී ඔහු මියගොස් ඇති බව තහවුරු විය.
අනතුර සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි
274 Views
Comments