ජපානයට ඉදිරියේදී තද වැසි ලැබෙන ලකුණු

ජපානයේ කාලගුණ බලධාරීන් පවසන්නේ ඉදිරියේදී බටහිර ෂිමානේ ප්‍රාන්තයට ධාරානිපාත වර්ෂාවක් ඇතිවිය හැකි බවයි.
මේ හේතුවෙන් නායයෑම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ආරක්ෂිතව සිටීමට පියවර ගන්නා ලෙසත් නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජපානයේ ප්‍රධාන දූපත වන හොන්ෂු අවට නිශ්චලව පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර අඟහරුවාදා පමණ වන විට බටහිර සිට උතුරු ජපානයේ පුළුල් ප්‍රදේශවලට තද වැසි ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන්ම හෙට (09) මධ්‍යහ්නය දක්වා උතුරු කියුෂු සහ යමගුචි ප්‍රාන්තවල මිලිමීටර් 250 දක්වාත්, චුගෝකු සහ ටෝකායි ප්‍රදේශවල මිලිමීටර් 200 දක්වාත් වර්ෂාපතනය අපේක්ෂා කෙරේ.
296 Views
Comments