අකිටා ප්‍රාන්තයට ඉදිරියේදී වාර්තාගත වර්ෂාපතනයක්

ඊසානදිග ප්‍රාන්තයට වාර්තාගත වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින් අකිටා හි ස්වභාවික විපත් ඇතිවීමේ අවදානම තියුනු ලෙස ඉහළ යා හැකි බවට ජපාන කාලගුණ නිලධාරීන් අනතුරු අඟවයි.
ඔවුන් පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ අකිටා ප්‍රාන්තයට මිලිමීටර් 400 ක පමණ වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි.
එය 2017 ජූලි මාසයේදී අකිටා ප්‍රදේශයට වැදුණු වර්ෂාපතනයට බොහෝ දුරට සමාන වන බවද නිලධාරීහු පවසති.
මේ අතර කාලගුණ සංගමයේ අධ්‍යක්ෂ හොන්මා මෝටෝහිරෝ අනතුරු ඇඟවූයේ ගංවතුර සහ නායයෑම් වලට ගොදුරු වීමේ අවදානම එක් එක් කලාපයට වෙනස් බැවින් කුඩා වර්ෂාපතනයක් පවා සමහර ප්‍රදේශවල ව්‍යසනයක් ඇති කළ හැකි බවයි.
290 Views
Comments