අභ්‍යවකාශයට ගිය වයස්ගතම ජපන් ගගනගාමියා

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස හයක් රැඳී සිටීම සඳහා පුද්ගලික කෲ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය එක්සත් ජනපදය, ජපානය, රුසියාව සහ ඩෙන්මාර්කයේ ගගනගාමීන් රැගෙන පෙරේදා (26) උදෑසන එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් පිටත් විය.
ඒ අනුව ඊයේ (27) ගගනගාමීන් ISS වෙත ඇතුළු විය.
ඒ වන විටත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙක් ඔවුන්ගේ නව කාර්ය මණ්ඩලයට සුබ පැතීම සඳහා උත්සවයක් පැවැත්වීය.
ජපානයේ Furukawa Satoshi පැවසුවේ ජාත්‍යන්තර කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් යුත් අපූරු කණ්ඩායමක් සමඟ වැඩ කරමින් තම රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය බවයි.
අභ්‍යවකාශයට ගිය වයස්ගතම ජපන් ගගනගාමියා ලෙස Wakata Koichi ගේ වාර්තාව සම කළ 59 හැවිරිදි Furukawa ගේ දෙවන අභ්‍යවකාශ ගමන මෙයයි.
391 Views
Comments