බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමියන්ට ජනපතිගෙන් ප්‍රශංසා

පිළියන්දල විද්‍යාශාන්ති පිරිවෙන් මහා විහාරය සහ ජපානයේ ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය යන උභය මහා විහාරාධිපති අතිපූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේ විසින් විහාරස්ථ අභිනව තෙමහල් දාන ශාලාව සහිත ශිෂ්‍ය නේවාසිකාගාරයේ වැඩ කටයුතු නිරීක්ෂණය කිරිමට ඊයේ (16) පැමිණි ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල් පිංවත් සුශීෂ්වර බණ්ඩාර මැතිතුමා වෙත රට එක්සේසත් කරන වත්මන් අතිගරු ජනාධිපතිතුමාට සහ රජයට ආශිර්වාද පළ කර තිබේ.
මෙහිදී මාහිමිපාණන් වහන්සේ දේශීය හා විදේශීය වශයෙන් ධර්ම ප්‍රචාරක කටයුතු මෙහෙයවමින් සම්බුද්ධ ශාසනයට සිදුකරන අපරිමිත මෙහෙවර වත්මන් අතිගරු ජනාධිපතිතුමාගේ සහ රජයේ විශේෂ ප්‍රශංසාවට ලක්ව ඇති බවද වාර්තා වේ.
200 Views
Comments