ජපානයේදී බිරිඳ සහ දියණිය ඝාතනය කිරීමේ චෝදනාවට බ්‍රසීල ජාතිකයෙකුට අධි චෝදනා

ජපානයේදී තම බිරිඳ සහ දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් බ්‍රසීල ජාතිකයෙකුට එරට අධිකරණය විසින් අධිචෝදනා ගොනු කර තිබේ.
34 හැවිරිදි බ්‍රසීල ජාතිකයෙකු වන බාබෝසා ඇන්ඩර්සන්ට මෙලෙස අධිචෝදනා ගොනු කර තිබේ.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී බටහිර ජපානයේ ඕසකා ප්‍රාන්තයේ සකායි නගරයේ පිහිටි ඔවුන්ගේ නිවසේදී එවකට 29 හැවිරිදි වියේ පසුවූ ඔහුගේ බිරිඳ අරමකි මනාමි සහ ඔවුන්ගේ 3 හැවිරිදි දියණිය ලිලී ව මාරාන්තික ලෙස පිහියෙන් ඇන ඔහු ඝාතනය කර තිබුණි.
322 Views
Comments