AUG
10
ජපානයේ ඩිජිටල් පරිවර්තන අමාත්‍ය ටාරෝ කොනෝ සහ ජනපති රනිල් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ඩිජිටල් පරිවර්තන අමාත්‍ය Taro Kono මහතා අතර හමුවක් පැවැත්වී තිබේ.
එහිදී ජනාධිපතිතුමා විසින් රජයේ ඩිජිටල්කරණ ප්‍රයත්නයන් සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ප්‍රගමනය කිරීමේ ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙල පිළිබඳ පුළුල් දළ විශ්ලේෂණයක් සිදු කළේය.
තවද ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඩිජිටල් පරිවර්තන ප්‍රයත්නයන්හිදී සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කමද අවධාරණය කරන ලදී.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා ද ජනාධිපතිතුමා සමග මෙම හමුවට සහභාගි විය.
335 Views
Comments