ජපානයේ තාක්ෂණික පුහුණුවක් සඳහා ලාංකිකයන් 10කට ගුවන් ටිකට්පත්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

ජපානයේ තාක්ෂණික පුහුණුවක් සඳහා ලාංකිකයන් 10කට ගුවන් ටිකට්පත්

ජපානයේ තාක්ෂණික පුහුණුවක් සඳහා ලාංකිකයන් 10කට ගුවන් ටිකට්පත්

ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යාමට නියමිත ශ්‍රී ලාංකික තරුණියන් දස දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී සිදුකරන ලදී. 

 

වසර 3ක පුහුණු කාලසීමාවක් සඳහා මෙම පිරිස ඊයේ (03) දින ජපානය බලා පිටත්ව ගියහ.

 

ජපානයේ පිහිටි IM ජපන් ආයතනය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර 2017 වර්ෂයේ ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභීන් ජපානය වෙත යොමුකරන අතර, මේ වන විට පුහුණු ලාභීන් 392ට අධික පිරිසක්  තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර ඇත. නියමිත  පුහුණු කාලසීමාව සාර්ථකව අවසන්කර මෙරටට පැමිණි පුහුණුලාභින්, ව්‍යවසායකයින් කිරිමේ වැඩපිළිවෙලක්ද  මෙම පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මකව පවති.

views

403 Views

Comments

arrow-up