MAY
10
දෙමසකට පසු හසුවූ ඝාතකයා

මේ වසරේ පෙබරවාරි මාසයේදී තෝකියෝ හි එඩෝගාවා වෝඩ්හි නිවසකදී 60 හැවිරිදි පුද්ගලයෙකුට පිහියකින් පහර දී ඝාතනය කරන ලදී.
ඒ අනුව මිනීමැරුම සම්බන්ධයෙන් සැකපිට 36 හැවිරිදි ඔමෝටෝ නම් පුද්ගලයෙකු ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇත.
මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ විමර්ශන මූලාශ්‍රවලට අනුව පෙබරවාරි 24 වැනි දින සවස 6.30 ට පමණ ඔමෝටෝ විසින් එඩෝගාවා වෝඩ්හි ඉචිනෝ හි නිවසක පදිංචිව සිටි තාවකාලික සේවකයෙකු වූ මසාෆුමි යමගිෂිගේ මුහුණ සහ බෙල්ල කපා ඝාතනය කර තිබුණි.
227 Views
Comments