අතුරුදන් වූ ජපන් හෙලිකොප්ටරය සොයා අඛණ්ඩ මෙහෙයුම්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

අතුරුදන් වූ ජපන් හෙලිකොප්ටරය සොයා අඛණ්ඩ මෙහෙයුම්

අතුරුදන් වූ ජපන් හෙලිකොප්ටරය සොයා අඛණ්ඩ මෙහෙයුම්

ඔකිනාවා ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශයේදී අතුරුදන් වූ ජපාන ස්වයං ආරක්ෂක බළකායට අයත් හෙලිකොප්ටරය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.  

 

මෙම හෙලිකොප්ටරයේ GSDF 8 වන සේනාංකයේ ප්‍රධානියා ඇතුළු 10 දෙනෙකු සිට ඇත.

 

හෙලිකොප්ටරය සෙවීම සඳහා මියාකෝ දූපත අසල ස්වයං ආරක්ෂක බලකායේ වෙරළාරක්‍ෂක භටයින් සෝනාර් භාවිතා කිරීමද ආරම්භ කර තිබේ.

 

ඔවුන් මේ වන විට හෙලිකොප්ටරයට අයත් ජීවිතාරක්ෂක යාත්‍රාවක්, දොරක් සහ රොටර් තලයක් සොයාගෙන ඇත.

 

සෝනාර් ආධාරයෙන් මුහුදු පත්ල සෙවීම සඳහා SDF විසින් බිම් බෝම්බ ඉවත් කිරීමේ යාත්‍රාවක් එම ස්ථානයට යවා ඇත.

 

හෙලිකොප්ටරය අතුරුදහන් වීමට මිනිත්තු දෙකකට පෙර අසල පිහිටි ෂිමෝජි දූපතේ ගුවන් ගමන් පාලකවරුන් සමඟ සන්නිවේදනය කරමින් සිටි බව තහවුරු වී තිබේ.

views

222 Views

Comments

arrow-up