ජපානය, ඕස්ට්‍රේලියාව, පිලිපීනය හා එක්සත් ජනපදය ඒකාබද්ධ යුධ අභ්‍යාසයක

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායේ විශාලතම යාත්‍රාව වන Izumo දකුණු චීන මුහුදේ එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියානු සහ පිලිපීන නාවික යාත්‍රා සමඟ ඒකාබද්ධ අභ්‍යාසයකට සහභාගී වී තිබේ.
හෙලිකොප්ටර් රැගෙන යා හැකි Izumo නෞකාවේ එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ පිලිපීනය යන රටවල නාවික හමුදාපතිවරුන්ට උත්සවයක් ද සංවිධානය කර තිබුණි.
උතුරු පිලිපීනයේ Zambales ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් වූ දකුණු චීන මුහුදේ පසුගිය බ්‍රහස්පතින්දා රටවල් හතරේ විශාල යාත්‍රා හයක් අභ්‍යාස පැවැත්වූ බව සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය පවසයි.
357 Views
Comments