ජපානයේ ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ F-35 ප්‍රහාරක ජෙට් යානා 2ක් ඕස්ට්‍රේලියාවට

ජපානයේ ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ F-35 ප්‍රහාරක ජෙට් යානා දෙකක් උතුරු ඕස්ට්‍රේලියාවේ හමුදා කඳවුරකට ගොඩබස්වා ඇති අතර, ජපානය එම වර්ගයේ ගුවන් යානා විදේශයන්හි ස්ථානගත කළ පළමු අවස්ථාව මෙයයි.
මෙම ගුවන් යානා සෙනසුරාදා රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා ටින්ඩාල් කඳවුර වෙත ළඟා විය.ඕස්ට්‍රේලියානු සොල්දාදුවන් ඇතුළු 60 දෙනෙකු පමණ ජපන් ගුවන් නියමුවන් පිළිගත්හ.
ජපානයේ පැවැත්වෙන ඒකාබද්ධ අභ්‍යාසයකට සහභාගී වීම සඳහා ඕස්ට්‍රේලියානු F-35 ප්‍රහාරක ජෙට් යානා 6ක් ද කැටුව මෙම ගුවන් යානා දෙක හෙට (29) නැවත ජපානයට පැමිණේ.
362 Views
Comments