පැය 24ම විවෘත පොත් අලෙවිසල
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

පැය 24ම විවෘත පොත් අලෙවිසල

පැය 24ම විවෘත පොත් අලෙවිසල

තෝකියෝ හි සෙට්ගයා වෝඩ්හි පිහිටි පොත් අලෙවිසලක් විකුණුම් ඉහළ නැංවීමේ උත්සාහයේ කොටසක් ලෙස සේවකයන් රහිතව පැය 24 ම අලෙවිසල විවෘතව තබා ඇත. 

 

ඒ අනුව පසුගිය දිනක රාත්‍රී 7 ට කාර්ය මණ්ඩලය නික්ම ගිය පසු පසු නිශාචර ගනුදෙනුකරුවන් Yamashita Shoten's Setagaya ශාඛාවට පැමිණෙමින් සිටිනු දක්නට ලැබිණි.

 

ටෝකියු සෙටගායා මාර්ගයේ ෂොයින්-ජින්ජා-මේ දුම්රිය ස්ථානය අසල නිහඬ සාප්පු වීදියක පිහිටා ඇති වර්ග මීටර් 100 ක මෙම වෙළඳසැලට ඇතුළු වීමට පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ස්මාර්ට් ෆෝන් සමඟ QR කේතයක් පරිලෝකනය කිරීමට සිදුවේ.

 

සොරකම් කරන්නන් වැළැක්වීම සඳහා කැමරා සහ අනෙකුත් ආරක්ෂක උපාංග භාවිතා කරයි.

 

 

views

267 Views

Comments

arrow-up