ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමට අවධානය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමට අවධානය

ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමට අවධානය

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වි පාර්ශවික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමත් ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීම සදහා අවධානය යොමු කිරීමත් සදහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි මහතා සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබද සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබද හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ මහතාගේ නිල සංචාරයේ දිගුවක් ලෙස ජපානයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් රැකියා සදහා අනුගත කිරීමේ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවැත්වී තිබේ.

 

මේ අවස්ථාවට ජපානයේ රාජ්‍ය අමාත්‍යවරයා, හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සමග කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ උපදේශක ශාන් යහම්පත් මහතාද එක්ව සිටියා.

views

348 Views

Comments

arrow-up