හොක්කයිඩෝ හි ධීවරයෙකුට වලස් ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

හොක්කයිඩෝ හි ධීවරයෙකුට වලස් ප්‍රහාරයක්

හොක්කයිඩෝ හි ධීවරයෙකුට වලස් ප්‍රහාරයක්

ජපානයේ උතුරු දෙසින් පිහිටි හොක්කයිඩෝ හි ධීවරයෙකු අතුරුදන් වී තිබේ.

 

ප්‍රාන්තයේ පොලිසිය පවසන්නේ ඔහුට වලසෙකුගේ ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

 

හොරොකානායි නගරයේ ෂුමරිනායි වැවේ දී ධීවරයා අතුරුදන් විය.

 

දඩයම්කරුවන් සහ ගිනි නිවන නිලධාරීන්ගේ සෝදිසි කණ්ඩායමක් මෙම පුද්ගලයා පාරු බෝට්ටුවකින් බැස ගිය ස්ථානය අසල මිනිස් සිරුරු කොටස් සොයා ගන්නා ලදී.

 

හොක්කයිඩෝ පොලිසිය පවසන්නේ මෙම වසරේ වලසුන්ගේ පැමිණීම වැඩි වෙමින් පවතින බවත්, පසුගිය බ්‍රහස්පතින්දා දක්වා වාර්තා 339 ක් ලැබී ඇති බවත්ය.

views

279 Views

Comments

arrow-up