APR
24
වසරකට පෙර මුහුදුබත් වූ සංචාරක යාත්‍රාවක් සොයා මෙහෙයුම්

උතුරු ජපානයේ හොකයිඩෝ වෙරළට ඔබ්බෙන් වසරකට පෙර මුහුදුබත් වූ සංචාරක යාත්‍රාවක අතුරුදන් වූ මගීන් හය දෙනෙකු සෙවීමේ කටයුතු ජපාන වෙරළාරක්ෂක බළකාය සහ පොලිසිය යළි ආරම්භ කර තිබේ.
"Kazu I" යාත්‍රාව 2022 අප්‍රේල් 23 වන දින Shiretoko අර්ධද්වීපයට ඔබ්බෙන් ගිලී යන විට එහි පුද්ගලයින් 26 දෙනෙකු සිට ඇත. පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු කර ඇත.
වෙරළාරක්ෂක බලකායේ නිලධාරියෙකු වන ටකේයාමා අකිහිරෝ පැවසුවේ අතුරුදන්වූවන් සොයා ගැනීමට හැකි සෑම දෙයක්ම කරන බවයි.
241 Views
Comments