පිලිපීනයට පලා ගිය ජපන් කොල්ලකරු

දැනට පිලිපීනයේ රඳවාගෙන සිටින Yohei Yano පෙබරවාරි මාසයේදී Mie ප්‍රාන්තයේ Yokkaichi නගරයේ සිදු වූ කොල්ලකෑමක් සම්බන්ධයෙන් එලඹෙන ලබන 25 වැනිදා අත්අඩංගුවට ගැනීමට නියමිතය.
විමර්ශන මූලාශ්‍රවලට අනුව යානෝ යොක්කයිචි හි ප්‍රතිචක්‍රීකරණ වෙළඳසැලක ගබඩා කළමණාකරුවෙකුට ගම්මිරිස් ඉස ඔහුට පිහියක් පෙන්වා යෙන් 880,000 ක් සහ වටිනා ලෝහ ඇතුළු භාණ්ඩ 70 ක් සොරකම් කර තිබේ.
ආරක්ෂිත කැමරා දර්ශනවලින් ඔහුව හඳුනාගත් මයි ප්‍රාන්ත පොලිසිය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගෙන ඔහු සොයමින් සිටියදී ඔහු පිලිපීනයට පලා ගොස් ඇති බව පෙනී ගියේය.
240 Views
Comments