APR
11
අතුරුදන් වූ හෙලිකොප්ටරයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට අයත් හිස්වැස්මක් හමුවේ

ඔකිනාවා ප්‍රාන්තයේ මියාකෝ දූපත අසලදී අතුරුදන් වූ හෙලිකොප්ටරය සොයා ස්වයං ආරක්‍ෂක අංශ තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී.
ගොඩබිම් ආත්මාරක්‍ෂක බළකායට අනුව පෙරේදා (09) පෙරවරු 10.40 ට පමණ ඉරබු දූපතේ ඊසාන දිග ප්‍රදේශයේ සරහාමා වෙරළට ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබියදී හිස්වැස්මක් හමුවී තිබේ.
එම ස්ථානය මුහුදු පත්ලේ කොරල්පර සහිත නොගැඹුරු ජලයක් සහිත වූ අතර GSDF නිලධාරීන් බෝට්ටුවකින් එහි ගොස් හිස්වැස්ම ගොඩ ගන්නා ලදී.
හඳුනාගැනීමේ අංකය පරීක්ෂා කිරීමෙන් පසු එය අතුරුදන් වූ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට අයත් බව තහවුරු විය.
247 Views
Comments