බල්ලෙක් වුණ ජපන් තරුණයා

ජපන් යෙන් මිලියන 2 ක මුදලක් එනම් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 46 ක් වියදම් කර තරුණයෙකු බල්ලකු බවට පත් වීමේ පුවතක් ජපානයෙන් වාර්තා වෙනවා.
ඔහු නමින් ටෝස්කෝ වන අතර ඔහුගේ ජීවිතයේ තිබූ සිහිනය වන්නේ බල්ලකු වීම බව සඳහන් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු බල්ලෙකු වී අනෙක් බල්ලන් සහ මිනිසුන් ඉව කරමින්, මිතුරු වෙමින් උද්‍යානයේ හැසිරෙන වීඩියෝවක් "මට සත්වයකු වීමට උවමනායි" ලෙස යූ ටියුබ් නාලිකාවක් පවත්වා ගෙන යමින් එයට Uplode කර ඇති බවයි. එම වීඩියෝව මේ වන විට මිලියනයක් නරඹා ඇති බවට ද වාර්තා වෙනවා.
කෙසේ වෙතත් ඔහුගේ මෙම සිහිනය සැබෑ කර ගැනීම සඳහා ජපානයේ රූපවාහිනී දැන්වීම් සහ චිත්‍රපට සඳහා ඇඳුම් නිර්මාණය කරනු ලබන සෙපෙට් නම් ජපාන සමාගම විශාල වැඩකර ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
574 Views
Comments