ජපානයේ ශ්‍රී ලංකා තානාපති හචිඕජි විහාරස්ථානයේ වෙසක් සැමරුමට එක්වේ

2023 මැයි 07 වැනි දින උඩරට අමරපුර මහා නිකායේ, එච්.ජී.අයි.ඕ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩබලන මහ නායක, පූජ්‍ය යාලගමුවේ ධම්මිස්සර නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් යුත් Hachioji Senzoji Sakamuni බෞද්ධ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ වෙසක් සැමරුම සඳහා තානාපති රොඩ්නි පෙරේරා මහතා සහභාගී විය.
පිරිමානියාගම සිරි සමාධි විහාරයේ විහාරාධිපති සහ සිරි සමාධි බෞද්ධ උපදේශන මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනාව සඳහා තානාපතිවරයා සමග තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයද ඒ සඳහා සහභාගි වූහ.
විහාරස්ථානයේ පැවති වෙසක් දන්සැල සඳහා තානාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.
සවස් වරුවේ Hachioji හි Yunryuji විහාරස්ථාන පරිශ්‍රයේ සංවිධානය කරන ලද විශේෂ බෝධිපූජා පිංකම සඳහා ද තානාපතිවරයා සහභාගී විය.
255 Views
Comments