යුක්රේනයේ කටුස්සන් යුගලක් ජපානයේ ප්‍රදර්ශනය කෙරේ

යුක්රේනයෙන් ගෙන්වන ලද දකුණු අප්‍රිකානු කටුස්සන් යුගලයක් මධ්‍යම ජපානයේ Shizuoka ප්‍රාන්තයේ සත්වෝද්‍යානයක ප්‍රදර්ශනය කිරීම අරඹා ඇත.
යුක්රේනයේ kyiv අගනුවර පිහිටි පෞද්ගලික සත්වෝද්‍යානයක මෙම කටුස්සන් සිටි අතර රුසියාවේ ආක්‍රමණය නිසා කටුස්සන් තබා ගැනීම දුෂ්කර විය.
ඒ හේතුවෙන් මෙම සතුන් පසුගිය සතියේ ජපානයට ගෙන්වන ලද අතර අද (28) සිට ප්‍රදර්ශනය ආරම්භ කර ඇත.
සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නන් පැවසුවේ යුක්රේනයේ යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇතැයි බලාපොරොත්තු වන අතර එමඟින් කටුස්සන්ට ආපසු ගෙදර යා හැකි බවයි.
219 Views
Comments