රැකියා සඳහා ජපන් යන අයට සුභ පණිවිඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

රැකියා සඳහා ජපන් යන අයට සුභ පණිවිඩයක්

රැකියා සඳහා ජපන් යන අයට සුභ පණිවිඩයක්

මෙරට ශ්‍රමිකයින්ට ඉහළ ආදායම් ලබාගත හැකි වැඩි රැකියා සංඛ්‍යාවක් ලබාගැනීමට සහ ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලංකා රජය ජපාන රජය සමග ද්වි පාර්ශ්වික එකඟතාවයකට පැමිණ තිබේ.

 

ජපානයේ නිල සංචාරයක නිතර වූ ශ්‍රී ලංකා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ජපානයේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රැකියා සඳහා බඳවා ගනු ලබන ආයතනවල ප්‍රධානීන් හමුවු අවස්ථාවේ දී එම එකඟතාවන්ට පැමිණ ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

 

සාත්තු සේවක අංශයේ ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන විභාග පවත්වන දින ගණන හා මධ්‍යස්ථාන ගණන ඉහළ නැංවීමෙන් වැඩි ශ්‍රමිකයින් පිරිසකට ජපාන රැකියා අවස්ථා ප්‍රමාණයක් විවෘත කරගැනීමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා එහිදි පෙන්වා දී ඇත.

 

ඒ අනුව රැකියා අපේක්ෂිතයින්ට එම විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලබාදීම සඳහා ජපාන කම්කරු අමාත්‍යවරයා සිය එකඟතාව පළ කර තිබේ.

views

351 Views

Comments

arrow-up