දුර දිග ගිය පළිගැනීම

2017 ජූලි මාසයේදී හිගාෂි වෝඩ්හි වෙළඳ සංකීර්ණයකදී කනිෂ්ඨ උසස් පාසල් සිසුවෙකුට පිහියකින් ඇන තුවාල සිදු කළ බවට රැකියා විරහිත කාන්තාවක් අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ අනුව සිද්ධියට අදාල නඩුද ඊයේ(15) ෆුකුඕකා දිස්ත්‍රික් අධිකරණය හමුවේ කැඳවිණි.
2017 ජුලි 17 වැනි දින එම කාන්තාව විසින් ඇය පසුකර ගිය කනිෂ්ඨ උසස් පාසල් සිසුවෙකුට සෙන්ටිමීටර 22ක් පමණ දිග තලයක් සහිත පිහියකින් පිටුපස සිට ගෙලට ඇන තුවාල සිදු කර තිබුණි.
නඩු විභාගයේදී අනාවරණය වූයේ ඇය උසස් පාසල් ශිෂ්‍යාවක්ව සිටියදී රථවාහන අනතුරකින් තුවාල ලබා ඇගේ දෑත් සහ පාද ආබාධිත වී ඇති අතර එයට පළිගැනීමක් ලෙස මෙම අපරාධය සිදුකළ බවයි.
279 Views
Comments