ලංකාවේ Driving License ජපන් Driving License එකකට මාරු කරන්න පුළුවන්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

ලංකාවේ Driving License ජපන් Driving License එකකට මාරු කරන්න පුළුවන්ද?

ලංකාවේ Driving License ජපන් Driving License එකකට මාරු කරන්න පුළුවන්ද?

ජපානයට යන්න ඉන්න පිරිමි සහ ගැහැණු  අය, driving license  එක අරගන නැතිනම් දැන්ම අරගන යන්න. 

 

මොකද එහෙට ගිහින් ලොකු මුදලක් දීලා ගන්නවාට වඩා මෙහෙන්ම අරගෙන යන එක එහෙට ගිහින් මාරු කරගන්න පුලුවන්.

 

අනිවාර්යෙන් මේක හොද ආයොජනයක් වෙනවාමයි. 

 

ගැහැණු  ලමයි කියයි අපෝ අපි පදින්නැ කියලා.... 

ඔයාලා ජපන් ගිහින් හැමදාම එකම විදිහට ඉන්නෙ නෑනේ. පැද්දේ නැතත් කමක්නැ අරන් තියලා පරණ වෙන්න අරින්න... 

 

ගන්න අය සැලකිය යුතු දෙයක් තිබේ. 

 

ලයිසන් එක ලබා ගත් පුද්ගලයකු වුවත්.... ජපානයට ඇතුලු වන දා සිට ආපස්සට මාස තුනක් පරණ විය යුතුය.... (ලයිසන් එක ලබා ගත් පසු ලංකාවේ මාස තුනක් සිටීම අනිවාර්යයි. ) 

 

උදා:- 2024 අප්‍රෙල් යන කෙනෙක් නම් 2023 දෙසැම්බර් මස වත් ලයිසන් එක ලබාගත යුතු වේ. 

 

එසේ නොවන්නේනම් ජපානයට ගිය පසු ලංකාවේ ලයිසන් එක ජපන් ලයිසන් එකට මාරු කරගනැනීමට නොහැක. 

ඒ අය ජපන් ජාතිකයන් ලයිසන් ලබා ගන්නා ආකාරයට ලබා ගත යුතු වේ.....

එහිදි විශාල මුදලක් වියදම් වන අතර ජපන් භාෂාවෙන් විභාගය ලිවීමට සිදු වේ. ( සමහර පැති වල වෙනත් භාෂාවන් වලට පරිවර්තනය කර ඇති වෙන්න පුලුවන්. බොහොමයක් එසේ නොමැත) 

 

සැහැල්ලු වාහන වල අරන් ඉන්න අය. බර වාහන වලටත් අරගන තියාගන්න. මොකද වටින්නේ ජොබ් විසා එකක් ගහද්දි.

 

 

උපුටාගැනීම : පහනා

views

254 Views

Comments

arrow-up