ලෝකයම ඉතිහාසයේ උණුසුම්ම මාසයට ඇතුළු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

ලෝකයම ඉතිහාසයේ උණුසුම්ම මාසයට ඇතුළු වෙයි

ලෝකයම ඉතිහාසයේ උණුසුම්ම මාසයට ඇතුළු වෙයි

ලෝකය මේ වන විට ඉතිහාසයේ වාර්තාවූ උණුසුම්ම මාසයට ඇතුළුවී ඇතැයි නවතම වාර්තාවක් මඟින් අනාවරණ කර තිබෙනවා. ලොව පුරා ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයින් පිරිසක් පවසන්නේ එදා මෙදාතුර ඉතිහාසයේ වාර්තාවූ ඉහළම උෂ්ණත්වය ජූලි මාසයේදී වාර්තා කරනු ඇති බවටයි. එය 2019 වසරේ ලෝකයම උණුසුම් කළ උෂ්ණත්වයේ වාර්තාවද අභිබවා යනු ඇති බව එම වාර්තාවේ සඳහන්. වසර එක් ලක්ෂ 20,000 ක් අතීතයට ගණනය කළද ජූලි මාසය තරම් උණුසුම් කාලගුණයක් වාර්තා විය හැකි මාසයක් හමු නොවන බවයි විද්‍යාඥයින් පවසා ඇත්තේ. 

 

මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පවසා ඇත්තේ සමස්ථ පෘථිවියම ගෝලීය අධික උණුසුම් යුගයකට ඇතුළුවන බවයි. මෙලෙස උෂ්ණත්වය ඉහළ යාමට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ පොසිල ඉන්ධන දහනය බව විද්‍යාඥයින්ගේ අදහසයි. පවතින තත්ත්වය හමුවේ 2023 හෝ 2024 ලොන උණුසුම්ම වසර බවට පත්වනු ඇති බවද විද්‍යාඥයින් දැනටමත් මත පළ කර අවසන්.

 

views

302 Views

Comments

arrow-up