ඇෆ්ගනිස්ථානයේ 114කට ජපානයෙන් සරණාගතභාවය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

ඇෆ්ගනිස්ථානයේ 114කට ජපානයෙන් සරණාගතභාවය

ඇෆ්ගනිස්ථානයේ 114කට ජපානයෙන් සරණාගතභාවය

2021 අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථාන රජය බිඳවැටීමෙන් පසු ජපානයට පලා ගිය ඇෆ්ගන් ජාතිකයින් 114 දෙනෙකුට මේ වසරේ සරණාගත තත්ත්වය ලබා දී ඇති බව ජපන් රජය නිවේදනය කර ඇත.

 

ඒ අනුව රජයේ ප්‍රධාන කැබිනට් ලේකම් හිරොකාසු මට්සුනෝ ඊයේ (13) මාධ්‍ය හමුවකදී පැවසුවේ ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වය මත පදනම්ව එක් එක් අයදුම්පත් සමාලෝචනය කර සුදුසුකම් ලැබූ අයට සරණාගත තත්ත්වය ලබා දුන් බවයි.

 

මෙම 114 දෙනා ඇෆ්ගනිස්ථානයේ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) සේවය කරන ප්‍රදේශවාසීන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අය බව රජයේ ආරංචි මාර්ග පවසයි.

views

307 Views

Comments

arrow-up