MAY
07
ජපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් පිටපත ප්‍රදර්ශනය කෙරේ

ජපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් පිටපත බදාදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය නිමිත්තෙන් තෝකියෝ හි චියෝඩා වෝඩ්හි පිහිටි ජපානයේ ජාතික ලේඛනාරක්ෂකාගාරයේ විශේෂයෙන් ප්‍රදර්ශනය කෙරේ.
සාමාන්‍යයෙන් අනුරුවක් ප්‍රදර්ශනය කෙරෙන අතර වසර හයකට පසු මුල් පිටපත ප්‍රදර්ශනය කරන්නේ මෙවරයි.
ඒ 2017 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කිරීමේ 70 වැනි සංවත්සරයේදී එහි අවසන් ප්‍රදර්ශනයෙන් පසුව වීමද විශේෂත්වයක්.
කෞතුකාගාරය පෙරවරු 9.15 සිට සවස 5 දක්වා විවෘතව පවතින අතර නොමිලේ ඇතුල්විය හැක.
332 Views
Comments