JUL
18
Kyoto Animation චිත්‍රාගාරයකට එල්ල වූ ප්‍රහාරයට වසර 4ක් සපිරේ

බටහිර ජපානයේ කියෝතෝ හි සජීවිකරණ චිත්‍රාගාරයක් වසර හතරකට පෙර ගිනි තැබීමකට ලක්විය.
එයින් මියගිය පිරිස සිහිපත් කරමින් උත්සවයක් අද (18) පැවැත්වුණි.
ප්‍රහාරය සිදු වූ වේලාව වන පෙරවරු 10.30 ට පිරිස විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වූහ.විපතට පත්වූවන් සඳහා සූරියකාන්ත මල් තිස්හයක් තබා පූජාසනය ද අලංකාර කර තිබුණි.
2019 ජුලි 18 වන දින Kyoto Animation චිත්‍රාගාරයකට එල්ල වූ ප්‍රහාරයෙන් 36 දෙනෙක් මිය ගිය අතර තවත් 32 දෙනෙක් තුවාල ලැබූහ.
313 Views
Comments