ණය ප්‍රතිව්‍යුහගතකරණය හිතකර ප්‍රතිඵල ගෙන දේ නම් නැවත ණය දීම ගැන සලකා බලන්නම් - ජපානය කියයි

ජපානයේ ජනමාධ්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Yukiko Okano ශ්‍රී ලංකාව සහ ජපානය අතර පැවති සාකච්ඡා පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කරමින් කියා සිටියේ ජපානයේ අවධානය සඳහා ආයෝජන යෝජනා රැසක් ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කර ඇති බව යි.
"ශ්‍රී ලංකා රජය විසින් ව්‍යාපෘති ගණනාවක් ජපානය වෙත ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ජපානය මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉක්මණින් සහ සුමටව කරගෙන යාමට සහාය වීම පිළිබඳව වඩා අවධානයෙන් පසුවෙනවා" යනුවෙන් Yukiko Okano පවසා තිබේ.
ජපාන රජය විසින් අරමුදල් සැපයීමට නියමිතව තිබී ඉවත් කරන ලද සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය වැනි විශේෂිත ව්‍යාපෘති පිළිබඳ ව මෙම රැස්වීමේදී සාකච්ඡා නොකළ බව නිලධාරියා පැවසී ය.
නව ණය ලබාදීම පිළිබඳව සලකා බැලීමට හැකියාව ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහි හිතකර ප්‍රතිඵලයක් ලැබීමෙන් පසුව පමණක් බව Yukiko Okano අවධාරණය කළේ ය. වගකිවයුතු ණය දෙන්නෙකු ලෙස දැනටමත් ණය වී සිටින රටවලට ජපානය විසින් මුදල් ලබා නොදිය යුතු බව Okano පැවසී ය.
410 Views
Comments