මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

ඊයේ (30) පෙරවරු 9.00 ට පමණ අයිචි ප්‍රාන්තයේ ඉනාසාවා නගරයේ කොයිකේ ප්‍රදේශයේදී දිවා සුරැකුම් මධ්‍යස්ථානයක වැගන් ආර් මෝටර් රථයක් තවත් මෝටර් රථයක ගැටීමෙන් වැගන් ආර් රථය පෙරළී ගොස් තිබේ.

 

අයිසි ප්‍රාන්තයේ අයිසායි නගරයේ වැඩිහිටි නිවාසයක අර්ධකාලීන සේවිකාවක් වූ Keizo Ueda වැගන් ආර් රථයේ ගමන් කරමින් සිටි අතර ඇය බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

 

මීට අමතරව තවත් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

 

මෝටර් රථ දෙකම අධික වේගයකින් ධාවනය වී ඇති බැවින් මෙම අනතුරට එය හේතුවක් වන්නට ඇති බවට ප්‍රාන්ත පොලිසිය සැක කරයි.

views

210 Views

Comments

arrow-up