ඔකිනාවාහි සමුද්‍ර උද්‍යානයක කොරල්පර රෝපණයක් ඇරඹේ

දකුණු ජපන් ප්‍රාන්තයේ බිඳෙනසුලු ගල්පර සංරක්ෂණය කිරීම සඳහා ඔකිනාවා හි සමුද්‍ර උද්‍යානයක කොරල්පර රෝපණය කරන ලදී.
නාගෝ නගරයේ බුසේනා මැරීන් උද්‍යානයේ කාර්ය මණ්ඩලය සහ අසල පිහිටි නිවාඩු නිකේතනයක කම්කරුවන් සහ තවත් අය මේ සඳහා එක් විය.
වෙරළේ සිට මීටර් 80 ක් පමණ දුරින් වැලි වල කොරල්පර 30 ක් රෝපණය සඳහා වලවල් හාරා ඇත.
ඔකිනාවා හි ගල්පර සහ කොරල් අනුභව කරන යෝධ තරු මත්ස්‍යයන් නිසා බලපෑමට ලක්ව ඇති බැවින් සාගර සම්පත් සංරක්ෂණය කිරීම සහ සංචාරකයින්ට මුහුදේ ආකර්ශනීය ස්ථාන පෙන්වීම මෙහි අරමුණ බව උද්‍යානය පවසයි.
කොරල්පර වල වර්ධනය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීමට ද ඔවුන් සැලසුම් කරයි.
253 Views
Comments