MAR
17
ජපානය ඉන්දියන් සාගරයේ නාවික අභ්‍යාසයකට එක්වේ

ජපානයේ සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය ඉන්දියන් සාගරයේ බහුජාතික සමුද්‍ර අභ්‍යාසයකට සහභාගී වී තිබේ.
සඳුදා සහ අඟහරුවාදා දෙදින තුළ ප්‍රංශ නාවික හමුදාව විසින් පවත්වන ලද මෙම අභ්‍යාසයට රටවල් අටක් සහභාගි වී ඇත. එම රටවල් නම්.එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය සහ ඉන්දියාවයි.
මෙහිදී වෙඩි තැබීමේ අභ්‍යාස පැවැත්වූ අතර යාත්‍රා කිරීම ප්‍රගුණ කළහ.
මෙම අභ්‍යාසය 2019 වසරේ සිට ඉන්දු පැසිෆික් කලාපයේ පැවැත්වුණු අතර ජපානය ආරම්භයේ සිටම සහභාගී විය.
කෙසේවෙතත් රටවල් අටක් සමඟින් මෙතෙක් වැඩිම සහභාගීත්වයක් දක්නට ලැබුණේ මෙම වසරේදීය.
279 Views
Comments