APR
10
වෙළඳසැලකදී පහරදීමක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඊයේ (09) සවස 6.20 ට පමණ ඕසකා නගරයේ Hirano Wardහි Sanko Uriwari හි සුපිරි වෙළඳසැලක සේවකයෙකුට සහ පාරිභෝගිකයින් තිදෙනෙකුට පහරදුන් පුද්ගලයෙකු ඕසකා ප්‍රාන්ත පොලිසියේ හිරානෝ පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පහර කෑ පුද්ගලයන් සිව්දෙනා රෝහලට ගෙන ගිය නමුත් තුවාල සියල්ල සුළු ඒවා වන අතර ජීවිතයට තර්ජනයක් නොවීය.
අදාළ සැකකරු භාවිත කළ බවට සැලකෙන ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ පිළිබඳ සවිස්තරාත්මක පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.
223 Views
Comments